ඉන්දීය ධීවරයින් 14 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

ඉන්දීය ධීවරයින් 14 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා 02ක් සමග එහි සිටි 14 දෙනෙකු මන්නාරම උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

ඊයේ (04) රාත්‍රී කාලයේදී සිදු කරනු ලැබූ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් අදාළ පිරිස තලෛමන්නාරම ජැටිය වෙත රැගෙනවිත් ඇති අතර ඔවුන් ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාරදීමට නියමිතව තිබෙනවා.

මෙම මෙහෙයුමත් සමග 2024 වර්ෂයේ මේ දක්වා සිදුකළ මෙහෙයුම්වලින් මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා 68ක් සහ ඉන්දීය ධීවරයින් 529 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඇති බව සඳහන්.

Share This