උත්සව සමයේ බිත්තර සහ කුකුළු මස් හිඟයක් නැහැ
උත්සව සමයේ හිඟයකින් තොරව බිත්තර සහ කුකුළු මස් වෙළඳපොළට නිකුත් කරන බව ශ්රී ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.
එහි සභාපති අජිත් ගුණසේකර මහතා පැවසුවේ රුපියල් 35 ක 36 ක පමණ මිලකට බිත්තරයක් අලෙවි කෙරන බවයි
එමෙන්ම වෙළඳපොළේ ශීත කළ කුකුළු මස් රුපියල් 1000ක මිලකට පමණ අලෙවි වන බවද ඔහු සඳහන් කළා