කිසිදු විදේශ බලවේගයකට හොංකොං කටයුතුවලට මැදිහත් වීමට අයිතියක් නැතැයි චීනය කියයි

කිසිදු විදේශ බලවේගයකට හොංකොං කටයුතුවලට මැදිහත් වීමට අයිතියක් නැතැයි චීනය කියයි

චීන හොංකොං විශේෂ පරිපාලන කලාපයේ ජාතික ආරක්ෂක නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ට වීසා සීමා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන බව ඇමරිකාව ප්‍රකාශ කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා Mao Ning මහත්මිය නිත්‍ය මාධ්‍ය හමුවේදී පැවසුවේ හොංකොං සම්බන්ධ ප්‍රශ්න මුවාවෙන් ඇමරිකාව චීන නිලධාරීන් වෙත අයුතු ලෙස වීසා සීමා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරමින් චීන අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වන බවයි.

එමෙන්ම චීන මහජන සමූහාණ්ඩුවේ විදේශ සම්බන්ධ නීතිය හා විදේශ රටවල සම්බාධකයන්ට එරෙහි නීතියට අනුව හොංකොං සම්බන්ධ ප්‍රශ්න අතින් අයහපත් ලෙස ක්‍රියා කරන ඇමරිකානු ජාතිකයන් වෙත වීසා සීමා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට චීනය තීරණය කර ඇති බව ද ඇය පවසා තිබෙනවා.

චීනයට හිමි හොං කොං විශේෂ පරිපාලන කලාපයේ කටයුතු, චීන අභ්‍යන්තර කටයුතු බවත්, කිසිදු විදේශ බලවේගයක් හොංකොං කටයුතුවලට මැදිහත් වීමට විරුද්ධවීම සඳහා චීනයට දැඩි අධිෂ්ඨානයක් ඇති බවත් Mao Ning මහත්මිය අවධාරණය කළ බව සඳහන්.

Share This