උතුම් උඳුවප් පුන් පොහෝ දිනය අදයි

උතුම් උඳුවප් පුන් පොහෝ දිනය අදයි

ලෝකවාසී බෞද්ධ ජනයා ඉමහත් ශ්‍රද්ධාවෙන් සමරන උඳුවප් පුර පසළොස්වක පොහොය දිනය අදට (14) යෙදී තිබෙනවා.

ශාසන ඉතිහාසයේ දැක්වෙන ආකාරයට වසරේ අවසන් පුන් පොහොය වන අද වැනි උඳුවප් පුන් පොහොය දිනයේ සංඝමිත්තා මහා රහත් තෙරණින් වහන්සේ දින 07ක් මහ සමුදුර තරණය කොට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාවක්ද සමඟින් දඹකොළ පටුනින් ලංකාද්වීපයට වැඩම කිරීම සිදුකර ඇති බව සඳහන්.

එමෙන්ම සංඝමිත්තා මහ රහත් තෙරණිය සමඟ තවත් භික්ෂුණීන් වහන්සේලා 11 නමක් මෙරටට වැඩම කිරීම තුළින් උතුම් මෙහෙණි සසුන ශ්‍රී ලංකාද්වීපයේ පිහිටුවීම ද අද වැනි උඳුවප් පුන් පොහොය දිනයක සිදුවූ බවයි ශාසන ඉතිහාසය තුළ දැක්වෙන්නේ.

තවද අදට යෙදී ඇති උඳුවප් පොහෝ දිනයේ සිරිපා වන්දනා සමය ද ආරම්භ වීමට නියමිතයි.

මේ උතුම් පුන් පොහොය සිහිපත් කරමින් ස්වර්ණවාහිනී අමාදහර සදහම් වැඩසටහන අද (14) අහුංගල්ල, කොත්දූව පුරාණ රජමහා විහාරයේ සිට ගෙන එනු ලබන ධර්ම දේශනා සමඟ ඔබටත් සැදැහැ සිතින් ඒකරාශී විය හැකියි.

Share This