හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂාව ගැන මහජන ආරක්ෂක ඇමති කියන දේ

හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂාව ගැන මහජන ආරක්ෂක ඇමති කියන දේ

පොලීසිය විසින් සපයා ඇති ආරක්ෂාව හැරුණු විට හිටපු ජනාධිපතිවරුන් වෙත ලබා දී ඇති සියලුම ත්‍රිවිධ හමුදා එළඹෙන සතියේ සිට ඉවත් කිරීමට පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා.

අද (17) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු පැවසුවේ, මාස 6කට වරක් කරනු ලබන ආරක්ෂක තක්සේරුවේදී ඊට අනුකූලව ආරක්ෂාව සපයනු ඇති බවයි.

එහිදී අමාත්‍යවරයා විසින් හිටපු ජනාධිපතිවරුන් වෙනුවෙන් යොදවා ඇති ආරක්ෂක නිලධාරීන් සංඛ්‍යාව සම්බන්ධයෙන් ද කරුණු ඉදිරිපත් කළා.

ඒ අනුව හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් රුපියල් මිලියන 1,448ක් වැයකර ඇති බවයි මහජන ආරක්ෂක අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

Share This