වාස් ගුණවර්ධන ඇතුළු 05කගේ මරණ දඬුවම තහවුරු කරයි

වාස් ගුණවර්ධන ඇතුළු 05කගේ මරණ දඬුවම තහවුරු කරයි

කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ෂියාම් ඝාතනය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් පස්දෙනෙකුට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් නියම කළ මරණීය දණ්ඩනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහවුරු කර තිබෙනවා

ඒ අනුව එහි විත්තිකරුවන්ට අද (20) කොළඹ මහාධිකරණය හමුවේ මේ පිළිබඳව දැනුම් දී ඇති බව සඳහන්

එහිදී කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍යය පටබැඳිගේ මහතා විත්තිකරුවන්ට දැනුම් දෙනු ලැබුවේ අදාළ දඬුවමට එරෙහිව විත්තිකරුවන් විසින් ඉදිරිපත් කළ අභියාචනා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇති බවයි.

Share This