2025 වසරේ සිට කුරුඳු වලට වැඩි අගයක්
මෙරට ප්‍රධානතම අපනයන කෘෂි භෝගයක් වන කුරුඳු වගාව මගින් 2030 වන විට වසරකට අමෙරිකානු ඩොලර් මිලියන 500ක ආදායමක් උපයා ගැනීමට සැලසුම් කර ඇති බව කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව පවසනවා.
ලංකාවේ කුරුඳු නිෂ්පාදනය වසරකට මෙට්‍රික් ටොන් 25,000ක් පමණ වන අතර, ඉන් මෙට්‍රික් ටොන් 19,000කට ආසන්න ප්‍රමාණයක් අපනයනය කරනු ලබන බව සඳහන්
මෙරටින් වැඩිපුරම කුරුඳු අපනයනය කරනු ලබන්නේ ලතින් අමෙරිකානු කලාපයේ රටවල් වෙත වන අතර ඒ 60%ක ප්‍රමාණයක්.
කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ජනක ලින්දර මහතා පැවසුවේ, දැනට කුරුඳු අපනයනය තුළින් ලංකාවට වසරකට ඩොලර් මිලියන 250ක පමණ විදේශ විනිමයක් උපයා ගන්නා බවයි.
මීට අමතරව ශ්‍රී ලංකාවේ ප්‍රධාන වැවිලි භෝගයක් වශයෙන්ද කුරුඳු කර්මාන්තය පරිවර්තනය කිරීමට ද 2025 වසරේ සිට සැලැසුම් ක්‍රියාත්මක කර ඇති අතර ඒ අනුව මෙතෙක් ලද ආදායම දෙගුණයක් කිරීම සඳහා ද සැලසුම් සකස් කර ඇති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
ඒ අනුව සාම්ප්‍රධායිකව කුරුඳු වගාකර තිබෙන ගාල්ල, මාතර සහ හම්බන්තොට යන දිස්ත්රික්කයන්ට අමතරව කුරුණෑගල, පුත්තලම, පොලොන්නරුව, අනුරාධපුරය හා මහවැලි කලාප වැනි ප්‍රදේශ වල කුරුඳු වගාව ව්‍යාප්ත කිරීමට කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව සැලසුම් සකසා තිබෙනවා.