පාර්ලිමේන්තුව රැස් වෙයි

පාර්ලිමේන්තුව රැස් වෙයි

පාර්ලිමේන්තුව අද(08) පෙ.ව 9.30ට රැස් වුණා

ඒ අනුව අද පෙ.ව. 9.30 – පෙ.ව. 10.00 කාලය අග්‍රාමාත්‍යවරියගෙන් අසනු ලබන ප්‍රශ්න සඳහා (ප්‍රශ්න 4ක්) වෙන් කර තිබෙනවා

අනතුරුව පෙ.ව. 10.00 පෙ.ව. 10.30 කාලය කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා (ප්‍රශ්න 5ක්) වෙන් කිරීමටයි තීරණය කර ඇත්තේ

පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 දක්වා ආනයන අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි, විදේශ විනිමය පනත යටතේ නියෝගයක්, ගෙවීමේ සහ බේරුම් කිරීමේ පද්ධති පනත යටතේ රෙගුලාසි, කැසිනෝ ව්‍යාපාර (නියාමනය) පනත යටතේ රෙගුලාසි, වරාය සහ ගුවන්තොටුපල සංවර්ධන බදු පනත යටතේ නියෝගයක් සහ කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනත යටතේ රෙගුලාසි විවාදයට ගැනීමට නියමිතයි

අනතුරුව ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා කාලය වෙන් කර තිබෙනවා

Share This