වී අස්වනු මිලදී ගැනීම සඳහා සහන ණය යෝජනා ක්‍රමයක්
වී ගොවීන් වෙත සාධාරණ මිලක් ලබාදීමේ අරමුණින් 2024/2025 මහ කන්නයේ වී අස්වනු මිලදී ගැනීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සමූපකාර සමිති වෙත සහනදායී පොළී අනුපාතයක් යටතේ ඔඩපණ ණය යෝජනා ක්‍රමයක් (Pledge Loan Scheme) ආරම්භ කර තිබෙනවා
ඒ අනුව, උපරිම දෛනික වී කෙටීමේ ධාරිතාවය මෙ.ටො.25කට යටත්වන සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සමූපකාර සමිති මෙම ණය යෝජනා ක්රමයේ ඉලක්කගත කණ්ඩායම් වනවා.
මේ සදහා අදාළ රාජ්‍ය ආයතනයකින් ලබාගත් ව්‍යාපාර ලියාපදිංචි සහතිකයක් සියලු ණය ඉල්ලුම්කරුවන් සතුව පැවතිය යුතුයි
මෙම ණය යෝජනා ක්‍රමය යටතේ සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියකුට හෝ සමූපකාර සමිතියකට රු.මි.50ක උපරිම ණය මුදලක් 7%ක වාර්ෂික පොළී අනුපාතයක් යටතේ ලබාගත හැකි අතර අදාළ ණය මුදල දින 180ක් තුල ගෙවා අවසන් කල යුතු වනවා
ණය යෝජනා ක්‍රමය යටතේ බැංකු හරහා නිදහස් කිරීමට නියමිත මුළු ණය මුදලේ වටිනාකම රු.මි. 10,000ක් වන අතර ගොවීන්ගේ වී අස්වැන්න සඳහා සාධාරණ මිලක් තහවුරු කිරීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කරනු ලබන අවම මිලක් යටතේ වී මිලදී ගැනීමට සැලසුම් කර ඇති බව සඳහන්
පසුගිය දෙසැම්බර් 30 වන දින අමාත්‍ය මණ්ඩලය මඟින් ගනු ලැබූ තීරණයකට අනුව ආරම්භ කෙරෙන මෙම ණය යෝජනා ක්‍රමය මෙම වර්ෂයේ ජනවාරි මස 03 දින සිට මැයි මස 15 දින දක්වා ක්‍රියාත්මක කෙරෙනවා
ඊට අදාළ නිවේදනය පහතින්