පාලි හා සංස්කෘත අන්තර්ජාතික භික්ෂු හුවමාරු වැඩසටහනේ තෙවන අදියරේ සමාරම්භක උත්සවය ඉන්දියාවේදී

පාලි හා සංස්කෘත අන්තර්ජාතික භික්ෂු හුවමාරු වැඩසටහනේ තෙවන අදියරේ සමාරම්භක උත්සවය ඉන්දියාවේදී

පාලි හා සංස්කෘත අන්තර්ජාතික භික්ෂු හුවමාරු වැඩසටහනේ තෙවන අදියරේ සමාරම්භක උත්සවය ඉන්දියාවේදී පවත්වා තිබෙනවා.

එම වැඩසටහන සඳහා ශ්‍රීලංකාව, ඉන්දියාව, ටිබෙටය, තායිලන්තය, දකුණු කොරියාව, වියට්නාමය, භූතානය යන රටවලින් භික්ෂූන් වහන්සේලා සහභාගී වූ අතර මේ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් භික්ෂූන්වහන්සේලා එකොලොස් නමක් සහභාගී වී ඇති බව සඳහන්.

ඉන්දියාවේ දැවැන්තම බෞද්ධ ජනපදයක් වන මුන්ගොඩ් හි නාලන්දා සම්ප්‍රදායට අයත් ටිබෙට් බෞද්ධ විශ්ව විද්‍යාලය කිහිපයක්ම පවතිනවා.

ගන්ඩෙන්, ඩ්‍රෙපුන්, ලොස්ලි ලෙස නම් වන මෙම බෞද්ධ විශ්ව විද්‍යාලයන්වල භික්ෂූන් වහන්සේලා විසිදහසක් පමණ ඉගෙනුම ලබන අතර බෞද්ධ දර්ශනයේ ප්‍රගතිශීලී ගමන්මඟ ශක්තිමත් කිරීම උදෙසා ශුද්ධෝත්තම දලයි ලාමා වහන්සේගේ මඟපෙන්වීම යටතේ 2022 වර්ශයේ බුද්ධගයාවේදී පාලි හා ස‍ංස්කෘත අන්තර්ජාතික භික්ෂු හුවමාරු වැඩසටහන ආරම්භ වී තිබුණා.

ඒ, මෙම සම්ප්‍රදායයන් අතර අන්‍යෝන්‍ය අවබෝධය වැඩිදියුණු කිරීමේ අරමුණින්.

අදාළ වැඩසටහනෙහි සමාරම්භක උත්සවය පසුගිය 07 වනදා ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ ගන්ඩෙන් ශාස්ත්‍රෙ භික්ෂු ආරාමයේ දී පැවැත්වූ අතර මෙහි ප්‍රධාන ආරධිත අමුත්තා ලෙස මහෝපාධ්‍යාය පාලි හා සංස්කෘත සංස්කෘතික හුවමාරු මධ්‍යස්ථානය ශ්‍රී ලංකාව , සභාපති අන්තර්ජාතික බෞද්ධ මහා සම්මේලනය නවදිල්ලිය සහ ශ්‍රීලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී සම්බුද්ධ ශාසනෝදය සංඝ සභාවේ මහනායක අතිපූජ්‍ය ආචාර්ය වස්කඩුවේ මහින්දවංශ මහනායක හිමි සහභාගී වී තිබෙනවා.

Share This