ජනපති අනුර ලබන 14 වැනිදා චීනයේ සංචාරයක

ජනපති අනුර ලබන 14 වැනිදා චීනයේ සංචාරයක

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබන 14 වැනිදා සිට 17 වැනිදා දක්වා මහජන චීන සමූහාණ්ඩුවේ රාජ්‍ය සංචාරයක නිරත වනවා.

ඒ චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ආරාධනයක් අනුවයි

මෙම සංචාරයේදී ජනාධිපතිවරයා චීන ජනාධිපති සමග අන්‍යෙන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේ

එමෙන්ම, චීන ජනාධිපතිවරයාට අමතරව චීන අග්‍රාමාත්‍ය ලී චියන්ග් සහ චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති ජාඕ ලජි යන මහත්වරුන් ද හමුවීමට නියමිතයි

ජනාධිපතිවරයාගේ මෙම මහජන චීන සමූහාණ්ඩු සංචාරය දෙරට අතර දිගු කාලීන සබඳතා තවදුරටත් ශක්තිමත් කරනු ඇති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ

Share This