රන් පතලක සිරවීමෙන් කම්කරුවන් 100 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට
දකුණු අප්‍රිකාවේ අතහැර දමා තිබූ රන් පතලක සිදුවූ අනතුරකින් එහි කැණීම් සිදුකළ පිරිසක් පතලේ සිරවී තිබෙනවා.
ඒ අවස්ථාවේදී පතලේ කැණීම් කටයුතු සිදු කරමින් සිටි කම්කරුවන් 100 කට වැඩි පිරිසක් මේ අවාසනාවන්ත තත්ත්වයට මුහුණ දී ඇති බව සඳහන්.
පතලේ සිරවූ කම්කරුවන් එහි සිරවීමෙන් මේ වන විට ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
කුසගින්න සහ විජලනය නිසා මෙලෙස මොවුන් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
ආරක්ෂක අංශ පවසන්නේ නීති විරෝධී ආකාරයෙන් මෙම පතලේ කැණීම් කටයුතු සිදුකර ඇති බවයි.
කෙසේවෙතත් කම්කරුවන් තිදෙනෙකුගේ ජීවිත බේරා ගැනීමට සමත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.