දෙවන දිනටත් පැවැත්වෙන මහා කුම්භමේලා

දෙවන දිනටත් පැවැත්වෙන මහා කුම්භමේලා

මිලියන සංඛ්‍යාත පිරිසක් සහභාගී වන ඉන්දියාවේ විශාලතම උත්සවයක් වන මහා කුම්භමේලා උත්සවය දෙවන දිනටත් අද (14) පැවැත්වෙනවා.

ඒ අනුව ඔවුන් ස්නානය කිරීමේ චාරිත්‍රයේ නිරත වී ඇති අතර සංවිධායකයින් අපේක්ෂා කරන්නේ ඊට මිලියන 400ක පමණ පිරිසක් සහභාගී වනු ඇති බවට අපේක්ෂා කෙරෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

දින 45ක් පුරා මෙම හින්දු ආගමික උත්සවය පැවැත්වෙනවා.

ඒ සඳහා සහභාගී වන බැතිමතුන්ට නවාතැන් පහසුකම් සැපයීම වෙනුවෙන් හෙක්ටයාර 4,000ක භූමියේ තාවකාලික නවාතැන්පොළ ලක්ෂයක් ඉදිකර තිබෙනවා.

මෙවර මහා කුම්භමේලා උත්සවයේ පළමු ස්නානය වන පවුෂ් පූර්ණිමා ස්නානය ඊයේ සිදුකෙරුණා.

Share This