ප්රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑම් පිළිබඳව පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා.
ඒ අනුව අද (14) පස්වරු 4.00 සිට හෙට පස්වරු 4.00 දක්වා මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය ක්රියාත්මක වන බවයි එම සංවිධානය පැවසුවේ.
බදුල්ල දිස්ත්රික්කයේ හාලිඇල, බදුල්ල, වැලිමඩ, සහ පස්සර මහනුවර දිස්ත්රික්කයේ මැදදුම්බර, උඩුනුවර, පාතදුම්බර, කුරුණෑගල දිස්ත්රික්කයේ රිදීගම, මාතලේ දිස්ත්රික්කයේ රත්තොට, උකුවෙල, නුවරඑළිය දිස්ත්රික්කයේ හඟුරක්කෙත, වලපනේ යන ප්රාදේශීය ලෙකම් කොට්ඨාස සඳහා මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය බලපැවැත්වෙනු ඇති.