විදුලි සංදේශ හා අන්තර්ජාලය හරහා කෙරෙන වංචා හා අපරාධවලට එරෙහිව චීනයෙන් දැඩි පියවර
විදුලි සංදේශ හා අන්තර්ජාලය ඔස්සේ වංචා හා අන්තර්ජාතික අපරාධ සිදු කිරීමට එරෙහිව චීනය ප්‍රබල පියවර ගැනීමට සූදානම් වී තිබෙනවා.
චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජික, විදේශ අමාත්‍ය වං යී මහතා චීනයේ සිටින ආසියාන් සංගමයට අයත් රටවල් 10යේ රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් හමුවීමේ දී මෙම අදහස් ප්‍රකාශ කළා.
එහිදී ඔහු සඳහන් කළේ මෑතකදී තායිලන්තය හා මියන්මාරය අතර දේශ සීමා මායිම් ප්‍රදේශවල දී අන්තර්ජාලය, විදුලි සංදේශ ඇතුළු මාර්ගවලින් අඛණ්ඩව සූදු හා වංචා සිදු වී ඇති බවයි.
චීනය ඇතුළු විවිධ රටවල ස්වදේශිකයන්ගේ ප්‍රතිලාභවලට ඉන් දැඩි හානි එල්ල වී ඇති බවත් අදාළ රටවල් සිය වගකීම් හා යුතුකම් ඉටු කරමින් දැඩි පියවර ගන්නා ලෙසත් චීන විදේශ අමාත්‍යවරයා එහිදී ඉල්ලීමක් කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Guo Jiakun මහතා නිත්‍ය මාධ්‍ය හමුවේදී පැවසුවේ එවැනි අපරාධවලට එරෙහිව චීන රජය තරයේ ම ප්‍රතිප්‍රහාර එල්ල කරන අතර චීන ස්වදේශිකයන්ගේ නිත්‍යානුකූල අයිතිවාසිකම් ස්ථිරව ආරක්ෂා කරන බවයි.