ජාත්‍යන්තර මූල්‍ය අරමුදල චීන ආර්ථිකය පිළිබඳ සුබවාදී අපේක්ෂා පළ කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල චීන ආර්ථිකය පිළිබඳ සුබවාදී අපේක්ෂා පළ කරයි

ගෙවුණු 2024 වසරේ දී චීන ආර්ථිකය 5%ක වර්ධනයක් පෙන්නුම් කළ අතර, මේ වසරේ දී ද, රටේ ආර්ථිකය අඛණ්ඩ වර්ධනයේ රඳවා ගන්නා බව චීනය ප්‍රකාශ කර තිබෙනවා.

මේ පිළිබඳ අදහස් දක්වමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රමුඛ ආර්ථික විද්‍යාඥ Pierre Olivier Gourinchas මහතා කියා සිටියේ එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අපේක්ෂාව ද ඉක්මවා යාමක් බවයි.

ඔහු පෙන්වා දී ඇත්තේ, 2025 හා 2026 යන වසර දෙක තුළ චීන ආර්ථික වර්ධනය පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අපේක්ෂාවන් ඉහළ දමා ඇති බවයි.

මේ සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා මෞ නිං මහත්මිය නිත්‍ය මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් සඳහන් කළේ, 2024 වසරේ චීනයේ සමස්ත ආර්ථික ධාරිතාව චීන යුවන් ට්‍රිලියන 130 ඉක්මවා ගිය බවත්, එම වසරේ චීන ආර්ථික වර්ධන ධාරිතාව මධ්‍ය ආදායම්ලාභී රටක වාර්ෂික ආර්ථික ධාරිතාව හා සමාන බවත්ය.

එමගින් චීන ආර්ථික වර්ධනයේ නම්‍යශීලිත්වය හා විභවය පෙන්නුම් කෙරෙන බවයි ඇය පෙන්වා දී ඇත්තේ.

එමෙන්ම චීනය ඉහළ ගුණාත්මකභාවයෙන් යුත් සංවර්ධනය හා ඉහළ මට්ටමේ විවෘතභාවය අඛණ්ඩව ඉදිරියට ගෙන යමින් රටේ ආර්ථිකය අඛණ්ඩ වර්ධනයේ රඳවා ගනු ඇතැයි ද චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකාව වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

Share This