තායිලන්තයේ සමලිංගික විවාහ නීතිය අද සිට ක්‍රියාත්මකයි
තායිලන්තය තුළ සමලිංගික විවාහ නීතිය අද (22) සිට ක්‍රියාත්මක වන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා
ඒ අනුව තායිලන්තය සමලිංගික විවාහ නීතිගත කළ අග්නිදිග ආසියාවේ පළමු රට බවටත් ආසියාවේ තුන්වන රට බවටයි පත්ව ඇත්තේ
බැංකොක් ප්‍රයිඩ් සහ බැංකොක් නගර බලධාරීන් එක්ව තායි අගනුවර දැවැන්ත විවාහ මංගල්‍යයක් සංවිධානය කර ඇති අතර සියම් පැරගන් සාප්පු සංකීර්ණයට ජෝඩු 180ක් පමණ රැස්ව ඇති බවද එම වාර්තාවල දැක්වෙනවා
පසුගිය වසරේ ජුනි මාසයේදී තායිලන්තය තුළ සමලිංගික විවාහ නීති කෙටුම්පත වැඩි ඡන්දයෙන් පාර්ලිමේන්තුවේ දී සම්මත වුණා
මේ අනුව තායිලන්තය තුළ සමලිංගික විවාහක යුවලකට අද සිට රාජ්‍ය විශ්‍රාම වැටුප් ඇතුළු පුද්ගලික මූල්‍ය ප්රතිලාභ ඔවුන්ගේ කලත්‍රයාට ලබා දිය හැකියි
මීට අමතරව දරුවන් හදා ගැනීමටත් සමාන අයිතිවාසිකම් හිමිවන බවද විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් දැක්වෙනවා