රජයේ වී මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක ආරක්‍ෂිත සංචිතයක් තබා ගැනීමට පියවර

රජයේ වී මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක ආරක්‍ෂිත සංචිතයක් තබා ගැනීමට පියවර

මෙවර මහ කන්නයේ වී අස්වනු නෙළීමත් සමඟම ගොවීන්ගෙන් රජය මිලදී ගන්න වී මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක ආරක්ෂිත සංචිතයක් ලෙස තබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති ජේෂ්ඨ උපදේශක ආචාර්ය ශාන්ත ජයරත්න මහතා පවසනවා

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සුළු පරිමාණ සහල් සැකසුම්කරුවන් සමඟ පොළොන්නරුව පරිපාලන සංකීර්ණයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා

සුළු පරිමාණ සහල් සැකසුම්කරුවන් මෙහිදී පෙන්වා දුන්නේ බොහොමයක් කුඩා සහල් සැකසුම්කරුවන් පැවති ආර්ථික දුෂ්කරතා තත්ත්වයන් මත තම ව්‍යාපාර අඩපණව තිබෙන බවත් ඒ පිළිබඳව රජයේ අවධානය ලක්කර මෙවර රජය ඉදිරිපත් කොට ඇති වී මිල දී ගැනීමේ ක්‍රියාවලිය සඳහා තමන් උපරිම ලෙස දායකත්වය ලබාදෙන බවද ඔහු පැවසුවා

Share This