![2024 වසරේදී මෙරට ගුවන් සේවා කර්මාන්තයේ වේගවත් වර්ධනයක් 2024 වසරේදී මෙරට ගුවන් සේවා කර්මාන්තයේ වේගවත් වර්ධනයක්](https://liveatsrilanka.lk/wp-content/uploads/2025/01/sunset-view-airplane-on-airport-600nw-1889546404.webp)
2024 වසරේදී මෙරට ගුවන් සේවා කර්මාන්තයේ වේගවත් වර්ධනයක්
2024 වසරේදී කටුනායක ගුවන් තොටුපළේ මගී, ගුවන් යානා සහ භාණ්ඩ ප්‍රවාහනයේ වේගවත් වර්ධනයක් පෙන්නුම් කර ඇති බව ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගම පවසනවා.
ඒ අනුව මගී සංචලන මිලියන 8.88ක් සිදුව ඇති අතර එය 2023 වසරට සාපේක්ෂව 17.69%ක වර්ධනයක් වන බවයි එම සමාගම සඳහන් කරන්නේ.
ගුවන් යානා සංචලන 56,289ක් සිදු කර ඇති අතර එය 2023 වසරට සාපේක්ෂව 20.69%ක වර්ධනයක් බව සඳහන්.
භාණ්ඩ ප්‍රවාහන මෙට්‍රික්ටොන් 192,498ක් 2024 වසරේදී සිදු කර ඇති බව පෙන්වාදෙන එම සමාගම එය 2023 වසරට සාපේක්ෂව 21.13%ක වර්ධනයක් බව පෙන්වාදෙනවා.
මගී සංචලන වැඩි වීමට ගුවන් සේවා කර්මාන්තය පුළුල් කිරීම සහ සංචාරක ව්‍යාපාරය නංවාලීම අරමුණු කරගත් උපායමාර්ගික ක්‍රියාකාරකම් ඇතුළු සාධක හේතු වී ඇති බව සඳහන්.
මේ හරහා සංචාරකයින් මෙරටට පැමිණීම වැඩි කිරීමෙන් මෙරට ආර්ථිකයට සැලකිය යුතු දායකත්වයක් ලබාදී ඇති බවයි ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගම පවසන්නේ.
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ප්‍රධාන ජාත්‍යන්තර ගුවන් සමාගම් ඇතුළුව සමාගම් 30කට අධික සංඛ්‍යාවකට සේවය ලබාදී ඇති අතර අදාළ සමාගම් විසින් ශ්‍රී ලංකාව වෙත සිදු කරන ගුවන් ගමන් වාර සංඛ්‍යාව ද ඉහළ දමා තිබෙනවා.