නිදහස් උත්සවය නව යුගයක සමාරම්භය සනිටුහන් කරන නිදහස් උළෙලක්

නිදහස් උත්සවය නව යුගයක සමාරම්භය සනිටුහන් කරන නිදහස් උළෙලක්

මෙවර පැවැත්වෙන 77වන නිදහස් උළෙල , රටේ නව යුගයක සමාරම්භය සනිටුහන් කරන නිදහස් උළෙලක් බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ඒ.එච්.එම් අබයරත්න මහතා පවසනවා

නිදහස් දින සමරු උළෙල සම්බන්ධයෙන් මාධ්‍ය දැනුම්වත් කිරීම සඳහා අද(30) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට එක්වමෙින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා

ජාතික පුනරුදයට පෙළ ගැසෙමු යන තේමාව යටතේ ලබන 04 වන දා නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේ මෙවර නිදහස්දින උළෙල පැවැත්වෙනවා.

අත්‍යාවශ්‍ය දේවල් වලට පමණක් සීමා කරමින් ජනතාවට සිදුවන දුෂ්කරතා අවම කර ගනිමින් මෙවර නිදහස් දින උළෙල පැවැත්වෙන අතර , සාමාන්‍ය ජනතාවට උත්සවය දැකබලා ගැනීම සඳහා වැඩි ඉඩකඩක් ලබා දෙන බවද අමාත්‍යවරයා එහිදී පැවසුවා.

නව දේශපාලන සංස්කෘතියක් සහ නව ප්‍රවේශයක් මේ රටට අවශ්‍ය බව කියමින් පසුගිය සමයේ බහුතර ජනතාව පෙළගැසුණු බවත්, එම පෙළගැසුණු ජනතාවගේ අපේක්ෂාවන් ඉටු කරමින් මෙවර නිදහස් උළෙල පැවැත්වෙන බවද අමාත්‍යවරයා කියා සිටියා

Share This