
“ලාල්මෝලා” පොලිස් දැලේ
අයිස් මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ ජවාරමේ නිරත වූ අයෙකු කළුතර අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පයාගල හා ඒ අවට ප්‍රදේශවල මොහු විසින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වී ඇති අතර අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සතුව තිබී රුපියල් ලක්ෂ 15කට ආසන්න අයිස් මත්ද්‍රව්‍ය තොගයක් පොලිසිය භාරයට ගෙන ඇති බව සඳහන්.
සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත ව සිටින දැනට විදෙස්ගතව සැඟවී සිටින වැලිපැන්න පොඩි පැටීගේ ගෝලයෙකු බවට වාර්තා වන බවයි පොලිසිය පවසන්නේ.
“ලාල්මෝලා” යන අනුවර්තනාමයෙන් හඳුන්වනු ලබන සැකකරු 41 වියෙහි පසුවනවා.
සැකකරු අද කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.