
58 වන වරටත් පැවති ලෝක සාම දින උත්සවය
රෝමයේ වතිකානුව වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ වතිකානු තානාපති කාර්යාලය වාර්ෂිකව ජිනීවාවල සංවිධානය කරන 58 වන ලෝක සාම දින උත්සවය මෙවරද අතිඋත්කර්ෂවත් අන්දමින් පවත්වා තිබෙනවා.
වතිකානු තානාපති කාදිනල් තුමන් ද ජුවිස්’ ප්‍රොතෙස්තන්ත ඉස්ලාම් හා බෞද්ධ ආගමික නායකත්වය නියෝජනය කරන ලද මෙම සම්භාවනීය සාමදිනයේ දී ලෝකවාසී සියලුම බෞද්ධයන් වෙනුවෙන් සිදුකරන කතාව 18 වන වරටත් ජිනීවා බෞද්ධ විහාරාධිපති ආචාර්ය අතිපූජ්‍ය තවලම ධම්මික නාහිමිපාණන් වහන්සේ විසින් සිදුකර ඇති බව සඳහන්.
වතිකානුවේ ආරක්ෂාව සපයන ස්විස්ටර්ලන්ත ජාතික සෙබලුන් මෙවර ආරක්ෂක උපහාරයට සහභාගී වීමද විශේෂත්වයක් වනවා.