අමෙරිකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වීමේ සූදානමක

අමෙරිකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වීමේ සූදානමක

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වීම සහ පලස්තීන සරණාගතයින් සඳහා වන එක්සත් ජාතීන්ගේ සහන ඒජන්සිය (UNRWA) වෙත අරමුදල් සැපයීම අත්හිටුවීම වෙනුවෙන් වන විධායක නියෝග සඳහා අත්සන් කිරීමට අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් බලාපොරොත්තුවෙන් සිටින බව ධවල මන්දිර වාර්තා පවසනවා.

අවසානයක් නොමැති එදිරිවාදිකමක් මත ඊශ්‍රායලයට අසාධාරණයක් වන ලෙසින් නුසුදුසු ජාතීන් වෙත සාමාජිකත්වය ලබා දී ඇති බවට චෝදනා කරමින්, මීට පෙර ට්‍රම්ප් ජනපති ධුරය හෙබවූ 2018 වසරේ ජුනි මාසයේ දී ද ඇමරිකාව, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වීමට පියවර ගෙන තිබුණා.

පලස්තීන සරණාගතයින් සඳහා වන එක්සත් ජාතීන්ගේ සහන ඒජන්සිය නැගෙනහිර ජෙරුසලම, ජෝර්දානය, ලෙබනනය, සිරියාව, ගාසා තීරය සහ බටහිර ඉවුර ආශ්‍රිතව ජීවත් වන පලස්තීන සරණාගතයින් වෙත සහන සැලසීමේ කටයුතු සිදු කරනු ලබන්නේ 1950 වසරේ සිටයි.

Share This