භූ කම්පන බියක් නිසා ග්‍රීසියේ දූපතක සිටින අය ඉවත් කෙරේ

භූ කම්පන බියක් නිසා ග්‍රීසියේ දූපතක සිටින අය ඉවත් කෙරේ

ජනප්‍රිය සංචාරක ප්‍රදේශයක් වන ග්‍රීසියේ පිහිටි සැන්ටෝරිනි දූපතෙන් පැරණි වරායෙන් ඉවත් වන ලෙස බලධාරීන් ජනතාවට අනතුරු අඟවා තිබෙනවා.

භූ කම්පන තත්ත්වයක් හේතුවෙන් එම අනතුරු ඇඟවීම සිදු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පුද්ගලයින් 6,000 ක් පමණ බෝට්ටුවලින් සහ ගුවන් මගින් පිටත්ව ගොස් ඇති බව සඳහන්.

එම දූපත ආසන්නයේ පසුගිය පැය 48 තුළ භූමිකම්පා 300 කට වැඩි ප්‍රමාණයක් වාර්තා වී ඇති අතර එම කම්පන සති ගණනක් පැවතිය හැකි බවට ඇතැම් විශේෂඥයින් අනතුරු අඟවා තිබෙනවා.

සැන්ටෝරිනි දූපත සංචාරකයින් වැඩි වශයෙන් ගැවසෙන ස්ථානයක් වුවත් පිටවන අයගෙන් වැඩි පිරිසක් එම දූපතේ පදිංචිකරුවන් වන බවයි වාර්තා වන්නේ.

විශාල හානියක් මෙතෙක් වාර්තා වී නොමැති නමුත් අදාළ බලධාරීන් විසින් පූර්වාරක්ෂාව ලෙස හදිසි පියවර ගනිමින් සිටින බව සඳහන්.

Share This