
ස්වීඩනයේ පාසලක වෙඩි තැබීමකින් 5 දෙනෙකුට තුවාල
ස්වීඩනයේ පාසලකදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
ස්ටොක්හෝම් නගරයට කිලෝමීටර් 200ක් බටහිර දෙසින් පිහිටි ඔරෙබ්‍රෝ ප්‍රදේශයේදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
එරට ආරක්ෂක අංශ විසින් අදාළ පාසල අවට සිටින ප්‍රදේශවාසීන්ට දැනුම්දී ඇත්තේ සිය නිවස්වලටම වී සිටින ලෙසයි.
එමෙන්ම අවට ඇති පාසල් වසා දැමීමට ද බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
තුවාල ලැබූවන් අතර වෙඩි තැබීම සිදු කළ පුද්ගලයා ද සිටිනු ඇති බවටයි ස්වීඩන ආරක්ෂක අංශ සැක පළ කරන්නේ.