
ගාසා තීරයේ වැසියන් බලහත්කාරයෙන් සංක්‍රමණය කරවීමට චීනයේ විරෝධය
ගාසා තීරයේ වැසියන් බලහත්කාරයෙන් සංක්‍රමණය කරවීම සම්බන්ධයෙන් දැඩි ලෙස විරුද්ධ වන බව චීනය අවධාරණය කරනවා.
චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Lin Jian මහතා නිත්‍ය මාධ්‍ය හමුවකදී මෙලෙස චීනයේ ස්ථාවරය පැහැදිලි කළා.
එමෙන්ම ගාසා තීරයේ සටන් විරාමය හා පශ්චාත් පාලන ක්‍රමවේදය අවස්ථාවක් කර ගනිමින් විවිධ පාර්ශ්ව හා එක්ව පලස්තීන ප්‍රශ්නය සඳහා දේශපාලන විසඳුමක් ලෙස ‘ද්වී රාජ්‍ය විසඳුම’ ක්‍රියාත්මක කිරීමේ නිවැරදි මාවත දෙසට යොමු කිරීමට චීනය අපේක්ෂා පළ කරන බව ද Lin Jian මහතා අවධාරණය කර සිටියා.