
ආයුර්වේද වෛද්‍ය සේවාවේ පවතින ගැටලු විසඳීමට සාකච්ඡාවක්
මධ්‍යම පළාතේ ආයුර්වේද වෛද්‍ය සේවාවේ වෛද්‍යවරුන් මුහුණපා ඇති ගැටලු විසඳීම වෙනුවෙන් සාකච්ඡවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්. බී. එස්. අබේකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබෙනවා.
ඒ මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදී.
එහිදී වෘත්තීය සංගම් සමඟ වෘත්තීමය වශයෙන් හා සේවාවේ ගුණාත්මකභාවය වර්ධනය කිරීමට පවතින ගැටලු පිළිබඳව සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම දැනට සේවාවේ පවතින විසඳාගත යුතු තත්ත්වයන් පිළිබඳව පැහැදිලි කිරීමද සිදුවී ඇති අතර ඒ සඳහා වූ යෝජනාවලියක් බාර දීමද සිදුවී තිබෙනවා.