
පළමුවන බිම්ස්ටෙක් තරුණ සමුළුව ආරම්භ වෙයි
බිම්ස්ටෙක් සාමාජික රටවල තරුණ ප්‍රජාව සවිබල ගැන්වීම සහ ඔවුන්ගේ විවිධ හැකියාවන් ආර්ථික සහ සමාජීය සංවර්ධනය සඳහා යොදා ගැනීම අරමුණු කරගත් පළමු තරුණ සමුළුව ඉන්දියාවේ අහමදාබාද් හි ගාන්ධි මන්දිර්හිදී ආරම්භ වුණා
ඒ ඉන්දියාවේ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය මන්සුඛ් මන්දාවියා, තරුණ කටයුතු සහ ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය රක්ෂා ඛාඩ්සෙ, ගුජරාටි ප්‍රාන්තයේ මහ ඇමති ශ්‍රී භුපේන්ද්‍ර රජ්නිකාන්ත් පටේල්, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් (නැගෙනහිර) ශ්‍රී ජයදීප් මසුම්බර් යන අයගේ ප්‍රධානත්වයෙන්
එම අවස්ථාවට බිම්ස්ටෙක් රටවල් හත නියෝජනය කරමින් සහ ඉන්දියාවේ මයි භාරත් ස්වේච්ඡා සංවිධානය නියෝජනය කරමින් තරුණ තරුණියන් රැසක් එක්ව සිටියා
සමුළුව ආරම්භ කරමින් ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වූ ඉන්දියාවේ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය මන්සුඛ් මන්දාවියා මහතා ප්‍රකාශ කර සිටියේ ඉන්දියාවේ ආර්ථික සහ සමාජීය සංවර්ධනයට තරුණ ප්‍රජාව සවිබල ගැන්වීම විශාල බලපෑමක් සිදුකරමින් ඇති බවයි.
එමෙන්ම බිම්ස්ටෙක් තරුණ සමුළුවට සහභාගී වීම සඳහා තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා ඇතුළු නියෝජිතයන් පිරිසක් එක්ව සිටිනවා
“තොරතුරු තාක්ෂණය සහ ඩිජිටල්කරණය තරුණ ප්‍රජාව සවිබල ගැන්වීමට සහ යහපාලනයට යොදා ගැනීම ” තේමා කරගත් මෙම සමුළුව හෙට (10) දක්වා පැවැත්වෙනවා