
දිවයිනෙන් පිටත්ව ගිය ජනපති අනුර (VIDEO)
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන 2025 ලෝක රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.
මෙම සංචාරය සඳහා විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය විජිත හේරත්, බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි යන අමාත්‍යවරුන් සමග තවත් උසස් රාජ්‍ය නිලධාරීන් 13 දෙනෙකු ද එක්ව සිටින බව සඳහන්.
ජනාධිපතිවරයා ලබන 13 වනදා දක්වා එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සංචාරය කිරීමට නියමිතයි.
එරට ජනාධිපති මොහොමඩ් බින් සෙයිඩ් අල් නහියන්ගේ ආරාධනයකට අනුවයි ජනාධිපති අනුර දිසානායක මහතා මෙම සංචාරයේ නිරත වන්නේ.