අන්තර්ජාතිකව කෘත්‍රිම බුද්ධිය පිළිබඳ අදහස් හුවමාරු හා සහයෝගිතා තවදුරටත් තහවුරු කිරීමට චීනය සූදානමින්

අන්තර්ජාතිකව කෘත්‍රිම බුද්ධිය පිළිබඳ අදහස් හුවමාරු හා සහයෝගිතා තවදුරටත් තහවුරු කිරීමට චීනය සූදානමින්

විවිධ පාර්ශ්වයන් සමග එක්ව කෘත්‍රිම බුද්ධිය පිළිබඳ අදහස් හුවමාරු හා සහයෝගිතා තවදුරටත් තහවුරු කිරීමට චීනය සූදානම් බව චීන විදේශ අමාත්‍යාංශය පවසනවා.

බුද්ධිමය තාක්ෂණය වැඩිදියුණු කිරීම වෙත චීනය ඉහළ අවධානයක් යොමු කරන බවත් ඒ සඳහා අවශ්‍ය කෘත්‍රිම බුද්ධි තාක්ෂණික නිර්මාණශීලී බව වැඩිදියුණු කිරීම තහවුරු කරමින් එහි ආරක්ෂාව වෙත විශේෂ සැලකිල්ලක් දක්වන බවත් චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Guo Jiakun මහතා නිත්‍ය මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළා.

චීනයේ DeepSeek සමාගම පිළිබඳ නැඟූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඔහු අවධාරණය කර සිටියේ, ව්‍යවසායන්ට ස්වයං ලෙස නවෝත්පාදනයන්හි නිරත වීමට සහාය දක්වන අතර, ගෝලීය වශයෙන් කෘත්‍රිම බුද්ධි තාක්ෂණ වැඩිදියුණුවට දායකත්වයක් ලබා දීමට ද චීනය සූදානම් බවයි.

එමෙන්ම මතවාදය හා ජාතිකාරක්ෂාව මුවාවෙන් ආර්ථික, වෙළඳ, විද්‍යා හා තාක්ෂණ ප්‍රශ්න දේශපාලනීකරණයට ලක් කිරීමට එරෙහිව චීනය විරෝධය පළ කරන බව ද චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයා එහිදී වැඩිදුරටත් කියා සිටියා.

Share This