පාර අයිනේ සිසුවෙකු දණගස්වා පහරදුන් තරුණයින් පොලීසිය අල්ලයි

පාර අයිනේ සිසුවෙකු දණගස්වා පහරදුන් තරුණයින් පොලීසිය අල්ලයි

මාර්ගයක් අසලදී දණගස්වා සිසුවෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තරුණයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිසුවෙකු දණගස්වා පහරදෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් පසුගියදා සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණා.

ඒ අනුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් 16 හැවිරිදි සැකකරුවන් තිදෙනෙකු කෑගල්ල පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය මගින් අද (26) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය 20 වනදා කෑගල්ල පිටිහුම ප්‍රදේශයේදී බස් රථය එනතුරු රැඳීසිටි දමුණුපොල ප්‍රදේශයේ සිසුවෙක්ට මෙම අමානුෂික ප්‍රහාරය එල්ලකර තිබුණා.

අත්අඩංගුවට ගත් තරුණයින් අවුරුදු 16 සහ 17 අතර වයස්වල පසුවන්නන් වන අතර ඔවුන් කෑගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා.

එම සැකකරුවන් අතර පහරදීම සිදුකළ තරුණයින් දෙදෙනා සහ එම සිදුවීම වීඩියෝගත කළ තරුණයා ද වන බව සඳහන්

Share This