
වෙනස් වූ දුම්රිය කාලසටහන
රාත්‍රී කාලයේ ධාවනය වන දුම්රියවල වන අලි ගැටීම වළක්වාලීම සඳහා අමතර වේග සීමා ක්‍රියාත්මක කිරීම සහ දුම්රිය කාලසටහන් සංශෝධනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
රාත්‍රී කාලයේදී දුම්රියවල වන අලි ගැටීම වළක්වාලීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව මේ වන විට දීර්ඝ කාලීන මෙන්ම කෙටි කාලීන ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති අතර එහි මූලික පියවරක් ලෙස වන අලි බහුල ලෙස සැරිසැරීම පිලිබදව වාර්තා වී ඇති ප්‍රදේශයන්හි දී දුම්රිය ධාවන වේගය අවම වන ලෙස එම කලාප සඳහා අඩු වේගසීමාවක් ලබාදී දුම්රිය කාලසටහන් සංශෝධනය කිරීමට කටයුතු කර ඇති බව සඳහන්.
එමෙන්ම අදාළ ප්‍රදේශවල වනඅලි සැරිසරන කාලසීමවන්හි දුම්රිය ධාවනය අවම වන ලෙස එම ප්‍රදේශයන් හරහා දුම්රිය ගමන් කිරීමේදී වනඅලි වැඩි වශයෙන් සැරිසරන කාලසීමාවන්ට පෙර සහ එම කාලසීමාවන්ට පසුව දුම්රිය ධාවනය කිරීම සඳහා දුම්රිය ආරම්භක වෙලාව සංශෝධනය කිරීමටද දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව මඩකලපුව මාර්ගයේ පලුගස්වැව සිට හිඟුරක් ගොඩ දක්වා සහ වැලිකන්ද සිට පූනානි දක්වා ද ත්‍රිකුණාමලය මාර්ගයේ ගල්ඔය හන්දිය සිට කන්තලේ දක්වා ප්‍රදේශය ආවරණය වන පරිදි මෙම දුම්රිය කාලසටහන් සංශෝධනය සිදුකර ඇති අතර
එය 2025 මාර්තු 07 දින සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
මීට සමගාමීව එදින සිට කොළඹ කොටුව සහ මඩකලපුව අතර ධාවනය වන “මීනගයා” නගරාන්තර රාත්‍රී තැපැල් දුම්රිය සඳහා s-13 වර්ගයේ බලවේග කට්ටලයක් ධාවනයට යෙදවීම සඳහා සැලසුම් කර ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.
ලබන 07 වනදා සිට ඉදිරි දිනයන් සඳහා කලින් ආසන වෙන්කිරීම් සිදුකරන ලද මගීන් හට නියමිත පරිදි කල්වේලා ඇතිව අදාළ දුම්රියන් සඳහා පැමිණීමට කටයුතු කරන ලෙස එම දෙපාර්තමේන්තුව දැනුම්දෙනවා.
දුම්රිය ආරම්භක වේලාවන් සංශෝධනය කිරීම සහ ඉහත පරිදි වේග සීමා පැනවීම හේතුවෙන් ගමනාන්ත දුම්රිය ස්ථාන වෙත ළඟාවීමෙදී අමතර කාලයක් ගත කිරීමට සිදුවීම සම්බන්ධයෙන් මගී ජනතාව වෙත දුම්රිය දෙපාර්තමේන්තුවේ කණගාටුව පළකර සිටින අතර වන අලින් සුරැකීම ජාතික වගකීමක් ලෙස සලකා කටයුතු කරන බවද දුම්රිය දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
2025.03.07 දින සිට සංශෝධිත දුම්රිය ආරම්භක සහ ගමනාන්ත වේලාවන් පහතින්…