දළදා ප්‍රදර්ශනයට ඇති සූදානම

දළදා ප්‍රදර්ශනයට ඇති සූදානම

එළඹෙන අප්‍රේල් 18 සිට 27 දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇති විශේෂ දළදා ප්‍රදර්ශනය සඳහා අවම වශයෙන් ලක්ෂ 20ක පමණ බැතිමතුන් පිරිසක් මහනුවරට පැමිණෙනු ඇති බවට අපේක්ෂා කර තිබෙනවා.

විශේෂ දළදා ප්‍රදර්ශනය පිළිබඳව මධ්‍යම පළාත් ආණ්ඩුකාර සරත් අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද (06) පැවති සාකච්ඡාවකදීයි මේ බව අනාවරණය වුණේ.

දළදා ප්‍රදර්ශනය පැවැත්වෙන දින 10 තුළ තත්පරයකට බැතිමතුන් තිදෙනා බැගින් දළදා වහන්සේ වන්දනා කිරීමට හැකි බවට අනුමාන කළත් එම කාලය තුළ දළදා මාලිගය තුළට ඇතුළුවීමට හැකියාව ඇත්තේ ලක්ෂ 06ක පමණ පිරිසකට බවද මෙහිදී අනාවරණය වී ඇති බව සඳහන්.

බැතිමතුන් සඳහා දන්සල්, මහනුවර නගර සභාවේ ලියාපදිංචි වීමෙන් අනතුරුව ලබාදීමට අවස්ථාව හිමි වනු ඇති.

Share This