මිද්දෙණිය ත්‍රිත්ව ඝාතනයට තවත් අයෙක් අල්ලයි

මිද්දෙණිය ත්‍රිත්ව ඝාතනයට තවත් අයෙක් අල්ලයි

මිද්දෙණිය ප්‍රදේශයේ සිදුවූ ත්‍රිත්ව ඝාතනය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ වෙඩි තැබීමට ආධාර අනුබල දුන් සැකකරුවෙකු කුට්ටිගල, පදලංගල ප්‍රදේශයේදී මෙලෙස අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.

ඔහු 39 හැවිරිදි වියේ පසුවන කුට්ටිගල, පදලංගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන්.

අදාළ ඝාතනය සම්බන්ධයෙන් මේ දක්වා සැකකරුවන් 11 දෙනෙකු හා සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Share This