
මාතර පොල්හේන ජාත්‍යන්තර ක්‍රිකට් පුහුණු පාසල හා ක්‍රිඩාංගණය ඉදිකිරීම ඇරඹීමට පියවර (PHOTOS)
මාතර පොල්හේන ජාත්‍යන්තර ක්‍රිකට් පුහුණු පාසල හා ක්‍රිඩාංගණය ඉදිකිරීම ආරම්භ කිරීමට අවශ්‍ය මූලික කටයුතු මාසයක් ඇතුළත නිම කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඒ, අද (13) මාතර දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලේදි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් හා පැවති සාකච්ඡාවේදීයි.
මෙම අවස්ථාවට එම යෝජිත ඉඩමෙහි භාරකාරත්වය හිමිව ඇති අමරපුර ධර්‍මරක්ෂිත නිකායේ අතිගරු මහානායක ධූර තැන්පත් අති පූජ්‍ය ත්‍රිකුණාමලයේ ආනන්ද මාහිමියන්ද, ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් ශම්මි ද සිල්වා මහතා, සනත් ජයසූරිය මහතා සහ සුජීව ගොඩලියද්ද මහතාද, මාතර දිස්ත්‍රික් ලේකම් චන්දන තිලකරත්න මහතා ඇතුළු රාජ්‍ය නිලධාරින් සහභාගී වී තිබෙනවා.
මීට අමතරව මෙතෙක් කල් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මුදල් වෙන්කර තිබියදීත් මෙතෙක් අළුත්වැඩියා නොකළ සනත් ජයසූරිය ක්‍රීඩාංගණයේ ක්‍රීඩාගාරය ඉක්මණින් අළුත්වැඩියාව ආරම්භ කිරීමටත් සාකච්ඡාවට ලක්ව ඇති බව සඳහන්.