
අයවැයේ අවසන් ඡන්ද විමසීම අද
2025 වසර සඳහා වන අයවැය තෙවැනිවර කියවීමේ විවාදයේ ඡන්ද විමසීම අද (21) ප.ව. 6.00ට පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව පසුගිය ජනවාරි 9 වැනිදා පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර , 2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත, දෙවැනිවර කියවීමේ විවාදය පෙබරවාරි 18 සිට 25 දක්වා දින 7 ක් පැවැත්වුණා.
අනතුරුව පෙබරවාරි 25 වැනිදා ප.ව. 6.00 ට අයවැය දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වූ අතර 2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අදාළ කාරක සභා අවස්ථාවේ විවාදය පෙබරවාරි 27 සිට මාර්තු 21 දක්වා සෙනසුරාදා දින 4ක්ද ඇතුළුව දින 19ක් පැවැත්වුණා
මේ අනුව 2025 අයවැය තෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම අද පස්වරුවේ සිදු කෙරෙනවා