
ශවේන්ද්‍ර සිල්වා ඇතුළු පිරිසකට එක්සත් රාජධානියෙන් සම්බාධක (VIDEO)
ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අතරතුර මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ අපයෝජනයන් සම්බන්ධයෙන් වගකිව යුතු පුද්ගලයින්ට එක්සත් රාජධානිය විසින් අද (24) සම්බාධක පනවා තිබෙනවා
ඒ අනුව හිටපු හමුදාපති ශවේන්ද්‍ර සිල්වා, හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ, හිටපු හමුදාපති ජගත් ජයසූරිය, LTTE සංවිධානයේ කලක් සේවය කළ කරුණා අම්මාන් සහ ඇතුළු පිරිසකටයි මෙලෙස සම්බාධක පනවා ඇත්තේ
ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අතරතුර නීති විරෝධී ඝාතන, වදහිංසා පැමිණවීම් සහ ලිංගික ප්රචණ්ඩත්වය සිදු කිරීම ඇතුළු බරපතළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධව ඔවුන්ට එම සම්බාධක පනවා තිබෙනවා