
ජාතික ඔසු වගා ව්‍යාපෘතියේ සමාරම්භය හෙට
ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවට අයත් ඔසු උයන් සංවර්ධනය කිරීමේ වැඩසටහනේ සමාරම්භයක් උත්සවය හෙට (26) ආරම්භ වනවා
ඒ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිකවැරටිය “රන්දෙනිගම” ඔසු උයනේ දීයි.
දේශීය ඖෂධ නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය උදෙසා වාර්ෂික ව විශාල මුදලක් වැයවන වනවා
මේ අනුව ගුණාත්මක තත්ත්වයෙන් උසස් ඖෂධ නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය දේශීය ව සපුරා ගැනීම මෙන්ම ඔසු වගාව තුළින් ප්‍රජාවගේ ආර්ථිකය සවිමත් කරලීමත් අරමුණු කර ගනිමිනුයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් “ජාතික ඔසු වගා ව්‍යාපෘතියක් සහ ඔසු එකතු කිරීමේ වැඩසටහනක්” ක්‍රියාවට නංවා ඇත්තේ
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ සංකල්පයකට අනූව ක්‍රියාත්මක මෙම ජාතික වැඩපිළිවෙළ යටතේ ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සෘජු අධීක්ෂණය යටතේ එම සංස්ථාවට අයත් දිවයින පුරා පිහිටි ඔසු උයන් 3 ක් වාණිජයමය ඔසු උයන් ලෙස සංවර්ධනය කිරීමට ද සැලසුම් කර තිබෙනවා
සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින දේශීය වෛද්‍ය අංශය, ආයුර්වේද දෙපාර්තමේන්තුව, දිවයිනේ සියලු පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තු, ඔසු උයන්, ආයුර්වේද, සිද්ධ, යුනානී සියලු රෝහල්, අනුරාධපුර ප්‍රජා සෞඛ්‍ය ප්‍රවර්ධන සේවය මෙන්ම දිවයිනේ සියලු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලට අනුයුක්ත දේශීය වෛද්‍ය සංවර්ධන නිලධාරීන්ගේ දායකත්වය මත මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වනවා
එමෙන්ම පාරම්පරික වෛද්‍යවරුන්, ආයුර්වේද සංරක්ෂණ සභා, ග්‍රාමීය ප්‍රජාමූල සංවිධාන, ඔසු ගොවීන් හා ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ නිෂ්පාදන සංස්ථාව ඇතුළු සියලු රාජ්‍ය ආයතන ඒකාබද්ධ ව පුළුල් වැඩපිළිවෙළක් ලෙස මෙම ජාතික ඔසු වගා වැඩපිළිවෙළ දීප ව්‍යාප්ත ව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව සඳහන්