
කොළඹ ඇතුළු පළාත් පාලන ආයතන කිහිපයක ඡන්ද විමසීමට අතුරු තහනමක්
කොළඹ ඇතුළු පළාත් පාලන ආයතන කිහිපයක ඡන්ද විමසීමේ කටයුතු අත්හිටුවමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.
ඒ නාමයෝජනා ප්රතික්ෂේප කිරීමට එරෙහිව ඉදිරිපත් කළ රීට් පෙත්සම් විභාගයට අවසර ලබාදෙමින්.
දේශපාලන කණ්ඩායම් කිහිපයක් සහ ස්වාධීන කණ්ඩායම් කිහිපයක් විසින් අදාළ පෙත්සම් ගොනු කර තිබුණා.