
පියාගේ ඝාතකයින් පරළොව යවා දෙසොහොයුරන් හිරගෙදරට යයි
නොච්චියාගම යාය 17 ප්රදේශයේදී පිය පුතු දෙපළක්ව තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා.
මෙම ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
මීට පෙර සිදුවූ ඝාතනයට පළි ගැනීමක් වශයෙන් මෙම ඝාතනය සිදු කර ඇති බවට පොලීසිය තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා.
පොලිස් නිල සුනඛයින් යොදාගෙන ඝාතනය සිදුකළ සැකකරුවන් හඳුනාගෙන ඇති බව සඳහන්.
ඝාතනයට ලක්වූ දෙදෙනා විසින් අත්අඩංගුවට ගත් තරුණයින් දෙදෙනාගේ පියාව ඝාතනය කර ඇති අතර ඊට පළි ගැනීමක් වශයෙන් මෙය සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන රාජාංගන පොලීසිය විසින් සිදු කරනු ලබනවා.