ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා..!

ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා..!

2025 සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද අද (14) පූර්වභාග 03.21ට යෙදී තිබූ සුබ මොහොතින් උදාවුණා.

ඒ අනුව ආහාර පිසීමේ නැකත යෙදී තිබුණේ පූර්වභාග 04.04 ටයි.

තඹ වර්ණ මිශ්‍ර වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ, ගිනි මොළවා කිරිබතක් හා කැවිලි වර්ගයක්ද දීකිරි සහ විලඳ ද පිළියෙල කරගැනීම යහපත් බවයි නැකැත් සීට්ටුවේ සඳහන් වන්නේ.

වැඩ ඇල්ලීම ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය යෙදී තිබුණේද අද පූර්වභාග 06.44 ටයි

මුතු හා ශ්වේත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය කළ යුතු බවද නැකැත් සීට්ටුවේ සඳහන්

Share This