
මේ වසරේ පළමු කාර්තුවේ චීන ආනයන අපනයන වටිනාකම යුවාන් ට්‍රිලියන 10.3 ක්
වසරේ මුල් කාර්තුවේදී ආනයන හා අපනයන තත්ත්වය පිළිබඳ තොරතුරු චීන රාජ්‍ය මණ්ඩලයේ මාධ්‍ය කාර්යාලය අද(14) නිවේදනය කර තිබෙනවා.
රේගු සංඛ්‍යාලේඛනවලට අනුව, මේ වසරේ පළමු කාර්තුවේදී චීනයේ භාණ්ඩ වෙළඳාම් ආනයන හා අපනයන වටිනාකම යුවාන් ට්‍රිලියන 10.3 ක් වූ බවයි එහිදී සඳහන්ව ඇත්තේ.
එය පසුගිය කාලසීමාවට වඩා 1.3% වැඩි වීමක් බවයි පැවසෙන්නේ.
ඒ අතරින් අපනයනය යුවාන් ට්‍රිලියන 6.13ක් වූ අතර, එය 6.9% වර්ධනයක්.
ආනයනය යුවාන් ට්‍රිලියන 4.17ක් වූ අතර, එය 6%කින් පහළ ගොස් තිබෙනවා.
එමෙන්ම එම දත්ත අනුව ආනයන හා අපනයන වර්ධන වේගය මාසයෙන් මාසයට ඉහළ ගොස් ඇති බවත් පෙන්වා දී තිබෙනවා.
තවද, පළමු කාර්තුවේදී, රටවල් සහ කලාප 170 කට අධික සංඛ්‍යාවකට සිදුකළ චීනයේ අපනයන ඉහළ ගොස් තිබීම ද කැපී පෙනෙන්න බව සඳහන්.
නාවික හා අක්වෙරළ ඉංජිනේරු උපකරණ, විශේෂ උපකරණ අපනයනය පිළිවෙලින් 10.8% සහ 16.2% කින් ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
සුළං ටර්බයින සමූහ, ලිතියම් බැටරි සහ විදුලි වාහන යන නිෂ්පාදන අපනයනය ද පිළිවෙලින් 43.2%, 18.8% සහ 8.2% කින් ඉහළ ගොස් තිබෙනවා.
පළමු කාර්තුවේදී චීනය යුරෝපා සංගමයට යුවාන් ට්‍රිලියන 1.3 ක ආනයන හා අපනයන සිදු කර ඇති අතර, එය 1.4% වැඩි වීමක් බව සඳහන්.
ආසියාන් සංවිධානය තවමත් චීනයේ විශාලතම වෙළඳ හවුල්කරුවා බවත් ආසියාන් වෙත සිදු කර ඇති චීනයේ ආනයන හා අපනයන යුවාන් ට්‍රිලියන 1.71ක් වූ අතර, එය 7.1% වැඩි වීමක් බවත් වාර්තා වනවා.
මෙය චීනයේ සමස්ත විදේශ වෙළඳාමෙන් 16.6%ක් දක්වා ඉහළ යාමක් බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.