
මහියංගණයේ වෙඩිතැබීමක්
මහියංගණ නගරයට ආසන්න දොඩම්වත්ත ගම්මානයේ අද (15) සවස වෙඩිතැබීමක් සිදුව තිබෙනවා.
දොඩම්වත්ත ගම්මානයේ පිරිසක් අතර කලක පටන් ගැටුමක් පවතින අතර බහින් බස්වීමකින් දුරදිග යාමෙන් අනතුරුව අද ගැටුමක් හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.
එහිදී මෙම වෙඩි තැබීම සිදුව තිබෙනවා.
තුවාල ලැබූ පුද්ගලයා රෝහල්ගත කර ඇති බවයි පොලිසිය පැවසුවේ.