
සිරි දළදා ප්රදර්ශනයට හඳුන්වා දුන් ප්රවේශ මාර්ග
එළඹෙන 18 වනදා ආරම්භ වීමට නියමිතව ඇති සිරි දළදා ප්රදර්ශනය වෙනුවෙන් ප්රවේශ මාර්ග 03ක් හඳුන්වා දීමට දළදා මාලිගාව පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව ඩී.එස් සේනානායක වීදිය දෙස සිට (ත්රිකුණාමලය වීදිය) දළදා මාලිගාවේ මහමළුව තෙක් ස්ථාපනය කර ඇති පෝලිම් මාර්ගය මෙන්ම රතු බොක්කුව දෙස සිට මහනුවර වැව රවුම (සංඝරාජ මාවත) හරහා දළදා මාලිගාවේ ප්රධාන පිවිසුම තෙක් ස්ථාපිත කර ඇති පොලිම් මාර්ගය ප්රවේශ මාර්ග ලෙස හඳුන්වා දී ඇති බව සඳහන්.
එමෙන්ම රතු බෝක්කුව දෙස සිට මහනුවර වැව රවුම (මාලිගාව පෙදෙස) හරහා දළදා මාලිගාවේ ප්රධාන පිවිසුම තෙක් ස්ථාපිත කර ඇති පොලිම් මාර්ගය දක්වාත් මෙම පිවිසුම් මාර්ග හඳුන්වා දී තිබෙනවා.