යුරෝපා සංගමයේ ඉහළ පෙළේ නියෝජිතයින් පිරිසක් අද දිවයිනට

යුරෝපා සංගමයේ ඉහළ පෙළේ නියෝජිතයින් පිරිසක් අද දිවයිනට

යුරෝපා සංගමයේ ඉහළ පෙළේ නියෝජිතයින් කණ්ඩායමක් අද (28) මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා.

GSP+ වැඩසටහන යටතේ වන ජාත්‍යන්තර සම්මුතීන් 27 ක්‍රියාත්මක කිරීමේදී මෙරට ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහායි ඔවුන් මෙලෙස දිවයිනට පැමිණීමට නියමිතව ඇත්තේ.

එමෙන්ම ශ්‍රී ලංකාව විසින් මානව හිමිකම්, කම්කරු අයිතිවාසිකම්, පරිසර ආරක්ෂාව සහ දේශගුණික විපර්යාස මෙන්ම යහපාලනය යන ක්ෂේත්‍ර ආවරණය කරනු ලබන අතර ඒ පිළිබඳව ද අදාළ කණ්ඩායම විසින් විමසා බැලීමට නියමිතයි.

අදාළ මෙහෙයුම් කණ්ඩායම මෙරට රජයේ නිලධාරීන්, අදාළ ආයතන, දේශපාලනඥයින්, සිවිල් සමාජය, ව්‍යාපාරික සංගම්, වෘත්තීය සමිති හමුවනු ඇති අතර අදාළ ක්ෂේත්‍ර චාරිකාවල ද නිරත වනු ඇති.

Share This