
ලුම්බිණියේදී පැවති ආසියානු බෞද්ධ සංස්කෘතික උත්සවය (PHOTOS)
උතුම් බුදුරජාණන් වහන්සේ උපන් ස්ථානය වන ලුම්බිණියේදී සිව්වැනි ආසියානු බෞද්ධ සංස්කෘතික උත්සවය පැවැත්වුණා.
ලුම්බිණි සංවර්ධන භාරය හා සාරිපුත්‍ර පදනම මෙන්ම ලෝක බෞද්ධ සංස්කෘතික හුවමාරු සඳහනේ ඌෂෝ සාම සිතුවම් ඇකඩමිය මෙය සංවිධාන කර තිබුණා.
ආසියානු කලාපය තුළ අන්තර් සංස්කෘතික හුවමාරු සහ ආධ්‍යාත්මික සහ සම්බන්ධතාවය වැඩිදියුණුව පිළිබඳ සාකච්ඡා පැවැත්වූ අතර නේපාලයේ සහ ආසියාව තුළ බෞද්ධ සංස්කෘතික උරුමයන් නවෝත්පාදනය මෙන්ම සංස්කරණය පිළිබඳව එහිදී අවධානය යොමුව තිබෙනවා.
2011 වසරේදී ආරම්භ වූ මෙම බෞද්ධ සංස්කෘතික උළෙල මින් ඉහතදී ශ්‍රී ලංකාව තායිලන්තය හා කාම්බෝජය යන රටවල සාර්ථකව පවත්වනු ලැබුවා.
මෙවර වැඩසටහන උදෙසා ලෝකයේ රටවල් රැසකින් භික්ෂූන් විද්වතුන් කලාකරුවන් සම්බන්ධ වී සිටියා.
ශ්‍රී ලංකාව වෙනුවෙන් රුහුණු විශ්ව විද්‍යාලයේ කුලපති අකුරැටියේ නන්ද නාහිමි, තායිලන්තයේ මහා චූලාලංකාර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය වල්මෝරුවේ පියරතන නාහිමි, ජිනීවා බෞද්ධ විහාරාධිපති තවලම ධම්මික නාහිමි, ජර්මනියේ ජොහැන් ගුටන්බර්ග් සරසවියේ කතිකාචාර්ය ආචාර්ය රත්මලේ පුණ්‍යරතන නාහිමි, අධ්‍යාපන අධ්යක්ෂ කිරිඳිගල්ලේ ඥානරතන නාහිමි, ෆාහියන් බෞද්ධ සංස්කෘතික ආයතනයේ අධ්යක්ෂ මෙල්පිටියේ සෝමරතන නාහිමි ,එහි අධ්යක්ෂ රංජිත් සිරිවර්ධන මහතා ඇතුළු පිරිසක් ද ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලයේ ආගමික අංශ ප්‍රධානී තරංග වික්‍රමාදර මහතා ද මෙම උළෙල නියෝජනය කරනු ලැබුවා.