මාලදිවයින් ජනපතිගෙන් ලෝක වාර්තාවක්

මාලදිවයින් ජනපතිගෙන් ලෝක වාර්තාවක්

මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසු පැය 15 කට ආසන්න කාලයක් මාධ්‍ය හමුවක් පවත්වමින් ලොව දීර්ඝතම මාධ්‍ය සාකච්ඡාවේ ලෝක වාර්තාව පිහිටුවා තිබෙනවා.

ජනාධිපතිවරයා පැය 14 යි මිනිත්තු 54 ක් පුරා මෙම මාධ්‍ය සාකච්ඡාව පවත්වා ඇත්තේ ලෝක මාධ්‍ය නිදහස් දිනයට සමගාමීවයි.

එහිදී ජනාධිපති මුයිසු මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට අඛණ්ඩව පිළිතුරු දුන් අතර මාධ්‍ය සාකච්ඡා නවතා ඇත්තේ යාඥා සඳහා පමණක් බව‍යි විදෙස් මාධය්‍ය වාර්තා කරන්නේ.

මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කියා ඇත්තේ යුක්‍රේන ජනපති වොලොඩිමියර් සෙලෙන්ස්කියි.

Share This