රාජකාරියේ සිටි පොලිස් නිලධාරියෙකු සියදිවි නසාගනී

රාජකාරියේ සිටි පොලිස් නිලධාරියෙකු සියදිවි නසාගනී

අම්පාර පදියතලාව පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙක් අද(06) අලුයම සිය රාජකාරි අවියෙන් වෙඩි තබාගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, අද (06) අලුයම 5.15ට පමණ පදියතලාව පොලිස් ස්ථානයේ මුර කුටිය තුළදි ඔහු සිය දිවි හානි කරගෙන ඇති බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ 59 හැවිරිදි බිබිල ප්‍රදේශයේ පදිංචි පොලිස් කොස්තාපල්වරයෙකු වන අතර පසුගිය වසරේ මෙම සැරයන්වරයාගේ බිරිඳ ද පිළිකාවක් හේතුවෙන් මියගොස් ඇති බවද වාර්තාවනවා.

ඊයේ රාත්‍රියේ මෙම කොස්තාපල්වරයාට පදියතලාව පොලිස් ස්ථානයේ රාජාකාරි යොදවා ඇති අතර තමන්ගේ ඇස් දෙක පෙනිමේ අඩු බව පවසා පදියතලාව පොලිසියේ ඉදිරියේ මුරකුටියේ රාජකාරිය ඉල්ලා ගෙන එම මුරකුටියේ සේවය කර තිබෙනවා.

පසුව අද අලුයම මුරකුටිය තුලදිම රාජකාරි ගිනි අවියෙන් නිකට ප්‍රදේශයට වෙඩි තබාගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

Share This