
ඡන්දය ප්‍රකාශ කිරීම අවසන්
පළාත් පාලන ආයතන මැතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු අද (06) පස්වරු 04.00ට අවසන් වුණා.
ඡන්ද විමසීමේ කටයුතු අද පෙරවරු 07.00ට දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථානවලදී ආරම්භ කෙරුණා.
පළාත් පාලන ආයතන 339ක් සඳහා මෙම ඡන්ද විමසීම සිදු කෙරුණු අතර ඊට මහ නගර සභා 28ක්, නගර සභා 36, ප්‍රාදේශීය සභා 275ක් ඇතුලත් වුණා.
මෙවර මැතිවරණය සඳහා අපේක්ෂකයින් 75,589ක් තරග කළා.
ඒ සඳහා දේශපාලන පක්ෂ 49ක්, ස්වාධීන කණ්ඩායම් 14ක් ඇතුළත් වූ අතර මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා
ඡන්ද දායකයින් 17,156,338ක් සුදුසුකම් ලැබුවා.