
අදින් අවසන් වන ශ්රී පාද වන්දනා වාරය
ශ්රී පාද වන්දනා වාරය අදට (12) යෙදෙන වෙසක් පොහෝ දිනයෙන් අවසන් වනවා.
ඒ අනුව වෙසක් පුන් පෝය දිනට පසු දින දහවල් ශ්රී පාද උඩ මළුවේදී සදාතුක කරඬුව, සමන්දේව ප්රතිමාව, දේවාභරණ සහ පූජා භාණ්ඩ වෙනුවෙන් බෞද්ධ වත් පිළිවෙත් සිදුකිරීමෙන් පසු වන්දනාවාරය අවසන් කිරීමට ප්රථම චාරිත්රානුකූල පුද පූජා පැවැත්වීම සිදු කෙරෙනු ඇති.
ඉන් අනතුරුව සදාතුක කරඬුව, සමන්දේව ප්රතිමාව, දේවාභරණ සහ පූජා භාණ්ඩ රත්නපුර රජ මාවත සහ කුරුවිට එරත්න මාර්ග ඔස්සෙත්, නල්ලතන්නිය බගවන්තලාව බලංගොඩ, නල්ලතන්නිය ලක්ෂපාන අවිස්සාවේල්ල රත්නපුර මාර්ග ඔස්සෙත් ගල්පොත්තාවෙල ශ්රී පාද රජමහා විහාරස්ථානය දක්වා වැඩම කරවීමට නියමිතයි.